ආණ්ඩුවෙන් සල්ලි දුන්නේ නෑ - බොදු බල සේනා

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 15 සිකුරාදා - 13:07 GMT
A protest by Bodu Bala Sena (file photo)

තමන් ප්‍රචණ්ඩත්වය අනුමත නොකරන බවයි, බොදු බල සේනා සංවිධානය පවසන්නේ

ආණ්ඩුවෙන් හෝ, විපක්ෂයෙන් හෝ ආරක්ෂක අමාත්‍යාංශයෙන් හෝ තම ව්‍යාපාරයට මූල්‍ය ආධාර සැපයෙන බව සනාථ කළ හොත්, සිය සියලු ක්‍රියාකාරකම් වහාම නතර කරන බවට බොදු බල සේනා සංවිධානය ප්‍රකාශ කරයි.

එහි ප්‍රධාන ලේකම් ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් ඒ බව ප්‍රකාශ කළේ බොදු බල සේනා සංවිධානයට "ආරක්ෂක අමාත්‍යාංශයේ රහස් ගිණුමකින්" මුදල් ලබා දෙන බවට එක්සත් ජාතික පක්ෂයේ (එජාප) මාධ්‍ය ඒකකයේ ප්‍රධානී මංගල සමරවීර මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.

මංගල සමරවීර මන්ත්‍රීවරයා විසින් එම සංවිධානය විග්‍රහ කරන ලද්දේ "තලේබාන් සංවිධානය" ලෙසින්.

ඉහත කී අදහස් මන්ත්‍රීවරයාගේ පුද්ගලික අදහසක් ද නොඑසේනම් එජාපයේ නිළ මතය ද යන්න එජාපය විසින් වහාම ප්‍රකාශයට පත් කළ යුතු බව ද ගලබොඩඅත්තේ ඥාණසාර හිමියෝ පැවසූහ.

ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් පවා බොදු බල සේනා සංවිධානය විවේචනය කිරීමේ වාතාවරණයක් තිබියදී මේ තත්ත්වයට විසඳුමක් සඳහා රජයේ මැදිහත්වීම විශ්වාස කළ හැකිදැයි බීබීසී සංදේශය මතුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දුන් බොදු බල සේනා සම්බන්ධීකාරක ඩිලන්ත විතානගේ, ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ දැඩි කැපවීම පිළිබඳව තමන්ට ප්‍රබල විශ්වාසයක් පවතින බව අවධාරණය කළේය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.