ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපති නීතීඥ උපුල් ජයසූරිය

අවසාන යාවත්කාලීන කිරීම :  2013 පෙබරවාරි 20 බදාදා - 17:17 GMT

ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ධූරයට නීතීඥ උපුල් ජයසූරිය තේරී පත්වෙයි.

දිවයින පුරා පැවති නිලවරණයෙන් වැඩි ඡන්ද 1700 කට වැඩි ජන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කිරීමට නීතිඥ උපුල් ජයසූරියට හැකිවී තිබේ.

කොළඹ කළාපයෙන් ලැබූ ජන්ද සංඛ්‍යාවෙන් නීතීඥ උපුල් ජයසූරිය ජන්ද 1470 ලබා ගත අතර නීතීඥ ටිරන්ත වලලියද්දට ලබා ගත හැකිවුයේ ජන්ද 330 ක් පමණි. නිතීඥ ආර්.ආර්.එස් තංගරාජා ජන්ද 77 ලබා ගත්තේය.

නීතීඥ උපුල් ජයසූරිය ධුරයෙන් පහ කළ අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව ගෙන ආ දෝශාභියෝග යෝජනාවට විරුද්ධව දැඩිව ක්‍රියා කළේය.

නිලවරණය සඳහා ජනාධිපති නීතීඥ ටිරන්ත වලලියද්ද, නීතීඥ උපුල් ජයසූරිය සහ නිතීඥ ආර්.ආර්.එස් තංගරාජා තරඟ වැදුණහ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.