යුද මුක්ත කලාපය චිත්‍රපටය ජිනීවා නුවරදී ප්‍රදර්ශණය කෙරේ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 1 සිකුරාදා - 19:10 GMT
Son of LTTE leader in custody

එල්ටීටීඊ නායක ප්‍රභාකරන් ගේ බාල පුතා අත් අඩංගුවට ගෙන මරා දමනු ලැබූ බව චිත්‍රපටය ඉදිරිපත් කරන එක ප්‍රධාන චෝදනාවක්

බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය මගින් ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන කාලයේ සිදුවීම් අලලා නිෂ්පාදනය කරන ලද 'යුද මුක්ත කලාපය' මැයෙන් යුත් වාර්තා චිත්‍රපටය නැරඹීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සිදුවූ බව පැවසෙන යුධ අපරාධ සම්බන්ධයෙන් පුළුල් ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවය යලිත් වරක් අවධාරණය කෙරී තිබේ.

දෙසියයකට ආසන්න පිරිසක් චිත්‍රපටය නැරඹීම සඳහා 200 කට වැඩි පිරිසක් රැස්වී සිටි බවත් එයින් බහුතරය රාජ්‍යතාන්ත්‍රිකයන් බවත් යුක්තිය පුවත්පතේ හිටපු කර්තෘ සුනන්ද දේශප්‍රිය බීබීසී සංදේශයට පැවසීය.

චිත්‍රපටය නැරඹීමෙන් අනතුරුව අදහස් දැක්වූ දකුණු අප්‍රිකානු සත්‍ය කිමිසමේ හිටපු කොමසාරිස්වරියක වන යස්මින් සූකා මෙන්ම යුද්ධය සමයේ ශ්‍රී ලංකාවේ සිටි එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයා වූ ගෝඩන් වයිස් ද යුධ අපරාධ සම්බන්ධ ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවය අවධාරණය කළ බව ඔහු පැවසීය.

'ප්‍රචාරාත්මක චිත්‍රපටයක්'

චිත්‍රපට ප්‍රදර්ශණය හමාරයේ එම ස්ථානයට පැමිණ අදහස් දැක්වීමක් කළ ජිනීවා නුවර සිටින එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ සංදේශයට කියා සිටියේ එය හුදු ප්‍රචාරාත්මක චිත්‍රපටයක් පමණක් බව තමන් පැහැදිලි කළ බවයි.

එය සංවිධානය කළ ඇම්නස්ටි ජාත්‍යන්තරය සහ හියුමන් රයිට්ස් වොච් ඇතුළු සංවිධාන එහි අන්තර්ගතය පිළිබඳව වගකීම භාර ගන්නේ දැයි තමන් ප්‍රශ්න කළ බව ද ඔහු පැවසීය.

බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් නිර්මාණය කරන ලද එම වාර්තා චිත්‍රපටය හා තමන්ගේ සම්බන්ධයක් නොමැති බව මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මණ්ඩලය දැනුම් දුන්නේ යයි ද ඔහු කියා සිටියේය.

එම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා විසින් ඉදිරිපත් කරන ලද විරෝධයට ප්‍රතිචාරය දක්වමිනුයි, එක්සත් ජාතීන් ඒ බව සඳහන් කොට තිබෙන්නේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.