දෙමළ ජන ගැටළු ජාත්‍යන්තරය දැන ගත යුතුයි - සම්බන්ධන්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 9 සෙනසුරාදා - 17:39 GMT

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළු ජාත්‍යන්තර අවධානයට ලක් කොට ඒවාට විසදුම් සොයා ගැනීමේ ක්‍රියා මාර්ගයට රජය තමන් තල්ලු කොට ඇතැයි දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.

ඉකුත් වසරේදී එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සභාගිවීම සඳහා දෙමළ ජාතික සන්ධානය කටයුතු නොකළ නමුත් මෙවර මානව හිමිකම් සංවිධාන සමග එක්ව තම මන්ත්‍රීවරුන් ජිනීවා මානව හිමිකම් කොමිසමේ කටයුතුවලට මැදිහත් වීමට තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් පැවසුවේය.

ශ්‍රී ලංකාවේ පවතින සත්‍ය තත්වය ජාත්‍යන්තරයට දන්වා සිටිය යුතු බවට සිය මන්ත්‍රීවරුන් විසින් ඉල්ලා සිටින විට එය නතර කිරීමට හැකියාවක් නැති බව පැවසූ ඔහු, රට තුල නිරාකරණය කර ගැනීමට හැකි ප්‍රශ්න පිට රටවල් කරා ගෙන ගොස් පමණට වඩා ජාත්‍යන්තරකරණය කිරීමට උත්සාහ දරන බවට දෙමල ජාතික සන්ධානයට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළේය.

තම සන්විධානය ඒවා රට තුල විසදා ගැනීම පිණිස ගත හැකි සියලු ක්‍රියා මාර්ග ගෙන ඇති බවයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කළේ.

2011 වසරරේදී සම්පූර්ණයෙන්ම ඒ පිළිබඳව රජය සමඟ සාකච්ජා පැවැත්වූ බව පැවසූ ඔහු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අදාළ පොරොන්දු රජය විසින් කඩ කොට ඇති බව පැවසුවේය.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.