දුමින්ද සිල්වා ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 11 සඳුදා - 15:24 GMT
Duminda Silva, MP

මන්ත්‍රීවරයාගේ රෝග ස්වභාවය අනුව ඔහු විෂබීජ රහිත ස්ථානයක රඳවා තැබිය යුතු බවට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බව නීතිවේදීහු පවසති

ජනාධිපති උපදේශක වරයකුගේ ඝාතනයට සැක කැරෙන ආරක්ෂක අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රී වරයකු ඇප මත නිදහස් කිරීම ප්‍රතික්ෂේප කළ අධිකරණය ඔහුගේ ඇප ඉල්ලීමේ අයදුම්පත සලකා බැලීම ලබන මයි 15 දක්වා කල් තැබීය.

ඒ අනුව විත්තිකාර දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට මැයි මස 15 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ පසුවීමට සිදුවේ.

2011 ඔක්තෝබර් මාසයේ පළාත් පාලන මැතිවරණ සමයේ මුල්ලේරියාවේ සිදුවූ වෙඩි තබා ගැනීමකින් භාරත ලක්ෂ්මන් හිටපු මන්ත්‍රීවරයා ඇතුළු සිව් පුද්ගල ඝාතනයේ සැකකාර දුමින්ද සිල්වා මන්ත්‍රී වරයා විදේශ ගතව සිට පෙරලා පැමිණ රෝහල් ගතවූ පසු අධිකරණය ඔහු රිමාන්ඩ් භාරයට පත් කළේ ඉකුත් සතියේයි.

මන්ත්‍රීවරයාගේ පියා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත වෙනුවෙන් කරුණු දැක්වූ නීතිවේදීන් අධිකරණය ඉදිරියේ කියා සිටියේ මන්ත්‍රීවරයාගේ රෝග ස්වභාවය අනුව ඔහු විෂබීජ රහිත ස්ථානයක රඳවා තැබිය යුතු බවට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බවයි.

විත්තිකරු රෝහලේ සිටියද ඔහු සමඟ බන්ධනාගාර නිලධාරීන් ද රැඳී සිටීම නිසා විෂබීජ ආසාදනය වීමේ ඉහල සම්භාවිතාවක් පවතින බව ද ඔවුහු පැවසූහ.

මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරියගේ තීන්දුව පිළිබඳව කිසිදු අදහසක් පළ කළ නොහැකි බව විත්තියේ නීතිවේදී ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය බීබීසී සංදේශය කළ විමසීමක දී පැවසීය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.