ශ්‍රී ලංකාව "බෙදා වෙන් කිරීමේ නව ක්‍රමවේදයක්"

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 22 සිකුරාදා - 18:02 GMT
A discussion at UNHRC on Sri Lanka

ජාත්‍යන්තර ප්‍රජාව රටවල් "බෙදා වෙන් කිරීමේ නව ක්‍රමවේදය" පළමු වරට අත් හදා බලන්නේ ශ්‍රී ලංකාවේදී බව ආණ්ඩුව පවසයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය මාර්ගයෙන් ශ්‍රී ලංකාව "බෙදා වෙන් කිරීමේ නව ක්‍රමවේදයක්" ආරම්භ කොට තිබෙන බවට ශ්‍රී ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාවට චෝදනා කරයි.

ජාත්‍යන්තර ප්‍රජාව එම "නව ක්‍රමවේදය" පළමු වරට අත් හදා බලන්නේ ශ්‍රී ලංකාවේදී බව ද ආණ්ඩුව පවසයි.

තරුණ කටයුතු පිලිබඳ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඒ බව ප්‍රකාශ කළේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බ්‍රහස්පතින්දා සම්මත කරන ලද යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රතිචාරය පළ කිරීම පිණිස ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී.

එල්ටීටීඊ යේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර 350 ක් පමණ මුහුණ දී ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමට දැරූ ප්‍රයත්නය පරාජය කිරීම රුවන්ඩාවේ මහා මිනිස් ඝාතනයට සමාන කිරීම අසාධාරණ බව ද අමාත්‍යවරයා පවසයි.

ඉන්දියාවට 'එරෙහි වෙන්න එපා'

යෝජනාවට පක්ෂව ඉන්දියාව ඡන්දය භාවිත කළ නමුත් ඉන්දියාවට එරෙහි ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමට ප්‍රබල උත්සාහයක යෙදෙන්නේ එල්ටීටීඊ ඩයස්පෝරාව බව මාධ්‍යවේදීන් අමතමින් කියා සිටි සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා, 1983 දී දෙමළ ජනතාව මරා දමමින් එල්ටීටීඊ ඩයස්පෝරාව නිර්මාණය කිරීමේ වගකීම එක්සත් ජාතික පක්ෂය භාරගත යුතු බව ද පැවසීය.

කෙසේ නමුත් යෝජනාවේ සම්පූරණ අන්තර්ගතය ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාවට දී තිබෙන පොරොන්දු බවයි, ප්‍රධාන විරුද්ධ පක්ෂ එක්සත් ජාතික පක්ෂය පවසන්නේ.

සැප්තැම්බර මාසය වන විට එක්සත් ජාතීන්ගේ යෝජනා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වුවහොත් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ප්‍රබල බලපෑම් එල්ල වීමට ඉඩ තිබෙන බව ද ලක්ෂ්මන් කිරි ඇල්ල මන්ත්‍රීවරයා කියා සිටියේය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.