ඉතිහාසය අමතක කොට ආණ්ඩුවට සහාය දෙන්න - ජනාධිපති

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 22 සිකුරාදා - 13:20 GMT
sri lanka president mahinda rajapaksa declaring open kalladi bridge in batticaloa

නැගෙනහිර වෙරළබඩ මාර්ගයේ පිහිටි මීටර 300 ක් දිග ශ්‍රී ලංකාවේ තුන්වැනි දිගම පාලම රුපියල් 138 කෝටි 90 ලක්ෂයක වියදමින් ඉදි කොට තිබෙන්නේ ජපාන රජයේ මූල්‍ය ආධාරවලින්

මෑත ඉතිහාසයේ අත්දැකීම් අමතක කොට ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා සහාය දෙන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ නැගෙනහිර පළාතේ දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

යුද්ධය හෝ එල්ටීටීඊ ය පිළිබඳව කිසිවක් සඳහන් නොකළ ජනාධිපතිවරයා, "මේ ගමන යාමට" එසේ සහයෝගය ලබාදීම නැගෙනහිර වාසී සියලු දෙනාගේ "වගකීම" යයි තමා විශ්වාස කරන බව ද පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ බව ප්‍රකාශ කළේ, මඩකලපුව කල්මුනේ පාරේ මඩකලපුව සහ දකුණ යාකරන ප්‍රධාන මාර්ගයේ පිහිටි කල්ලඩි පාලම විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින්.

නැගෙනහිර වෙරළබඩ මාර්ගයේ පිහිටි මීටර 300 ක් දිග කල්ලඩි පාලම ශ්‍රී ලංකාවේ තුන්වැනි දිගම පාලමයි.

ත්‍රස්තවාදයෙන් සහ සුනාමිය හේතුවෙන් වසර ගණනාවක් මුළුල්ලේ නැගෙනහිර පළාතේ සංවර්ධනය ඇන හිටි බව පැවසූ ජනාධිපතිවරයා, යලිත් එම ප්‍රදේශ සංවර්ධනය කිරීම ලැබීම පිළිබඳව සතුට පළ කළේය.

1924 දී මුලින්ම ඉදි කරන ලද කල්ලඩි පාලමට සමාන්තරව රුපියල් 138 කෝටි 90 ලක්ෂයක වියදමින් අලුත් පාලම ඉදි කොට තිබෙන්නේ ජපාන රජයේ මූල්‍ය ආධාරවලින්.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.