දිස්ත්‍රික්ක කිහිපයක පාර්ලිමේන්තු ආසන බෙදීමේ වෙනසක්

අවසාන යාවත්කාලීන කිරීම :  2013 මාර්තු 25 සඳුදා - 14:41 GMT
Sri Lanka parliament

අලුත්ම සංගණනයෙන් රැස් කර ගත් ජනගහන වාර්තා මත පදනම්ව මන්ත්‍රී සංඛ්‍යා වෙනස් කරන ලද බවයි, බලධාරීන් පවසන්නේ

වන්නි දිස්ත්‍රික්කයට එක් පාර්ලිමේන්තු ආසනයක් අහිමි කෙරෙන අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආසන සංඛ්‍යාව ද අඩුකොට බදුල්ලේ ආසනයක් ඉහළ නංවන බව මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මැතිවරණ කොමසාරිස් කාර්යාලය එම දැනුම් දීම කොට තිබෙන්නේ උතුරේ පළාත් සභා මැතිවරණය තවත් මාස හයකින් පැවැත්වීමට නියමිත බව ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කොට තිබියදී.

ආරක්ෂක හමුදා විසින් එල්ටීටීය යුද්ධයෙන් පරාජය කිරීමෙන් අනතුරුව කැරුණු සංගණනයෙන් එක් රැස් කර ගත් ජනගහන වාර්තා මත පදනම්ව වන්නිය නියෝජනය කරන මන්ත්‍රී වරුන් සංඛ්‍යාව අඩු කරන ලද බවයි, බලධාරීන් පවසන්නේ.

සැප්තැම්බර් මාසයේ උතුරේ මැතිවරණය පවත්වන බවට ජනාධිපතිවරයා විසින් ඉන්දියාවේ පළ වන හින්දු පුවත් පතට කර තිබු ප්‍රකාශය ඉකුත්දා හමාරවූ ජිනීවා මානව හිමිකම් සමුළුවේ ද ප්‍රශංසාවට ලක් විය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.