අලව්ව බස් අනතුරේ වැරදිකරුවන්ට මරණ දඬුවම

Buses in Sri Lanka
Image caption වසා දමා තිබූ දුම්රිය හරස් මාර්ගය හරහා බස් රථය පදවාගෙන ගොස් මගීන් පිරිසගේ ජීවිත අනතුරේ හෙලීම විත්තිකරුවන්ට චෝදනා එල්ල වී තිබිණ

අලව්වේ, යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගය වසා දමා තිබියදී බස් රථයක් පැදවීමෙන් 41 දෙනකු මරා දැමීමේ චෝදනාවට වැරදිකරු වූ බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයාට මරණ දඬුවම නියම කෙරිණ.

අනියම් මිනීමැරීමේ චෝදනා 27 කට ද විත්තිකරුවන් දෙදෙනා වැරදිකරුවන් බව තීරණය කළ කුරුණෑගල මහාධිකරණය, මරණ දඬුවමට අමතරව ඔවුන්ට වසර 270 ක සිර දඬුවම් ද නියම කළේය.

2005 ජනවාරි 27 වැනි දින වසා දමා තිබූ දුම්රිය හරස් මාර්ගය හරහා බස් රථය පදවාගෙන ගොස් එහි ගමන් කළ මගීන් පිරිසගේ ජීවිත අනතුරේ හෙලීම ඔවුන්ට විරුද්ධව එල්ල වී තිබූ චෝදනාවයි.

විත්තිකරුවන් දෙදෙනාට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව සනාථ වී තිබෙන බවයි, මහාධිකරණ විනිසුරුවරයාගේ නිගමණය වූයේ.

කෙසේ නමුත්, තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව විත්තිකරුවන්ගේ නීතිවේදීහු පැවසූහ.