මිහින් ලංකා - තමිල්නාඩු ගුවන් ගමන් නවතයි

Image caption වේලාන්කන්නි විරෝධතාකරුවන් හා පොලීසිය

තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් අත් හිටුවීමට මිහින් ලංකා ගුවන් සේවය තීරණය කොට ඇත.

ශ්‍රී ලංකාව හා ත්‍රිචි ගුවන් තොටුපල අතර සතියකට සිව් වතාවක් කැරුණු ගුවන් ගමන් ජුනි මස පළමු වැනිදා පටන් නවතා දමන බවයි චෙන්නායි නුවර පිහිටි මිහින් ලංකා ආයතනයේ ගුවන් සේවා නියෝජිත ආයතනය ප්‍රකාශ කළේ.

ට්‍රාන්ස් ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ එස් කේ මිටල් මාධ්‍යවේදීන් හට ප්‍රකාශ කොට තිබුනේ කොළඹින් ත්‍රිචි බලා එන මගීන් සංඛ්‍යාව පහත වැටීම තම තීරණයට බලපෑ බවයි.

ඉකුත් සැප්තැම්බරයේ තමිල්නාඩුවේ තන්ජාවුර් හා වේලාන්කන්නි බලා පැමිණි ලාංකික වන්දනාකරුවන් හට දැඩි මතධාරී දෙමළ ජාතිකවාදී පිරිස් විසින් පහර දීමෙන් අනතුරුව ලංකාවෙන් තමිල්නාඩුව බලා යන පිරිස් අඩුවී තිබේ.

තමිල්නාඩුව හා ශ්‍රී ලංකාව අතර මිහින් ලංකා ගුවන් ගමන් පවත්වන්නේ ත්‍රිචි දක්වා පමණයි.