විදුලි මිල ඉහල දැමීමට එරෙහි පන්දම් විරෝධතා

 විරෝධතාව පැවැත්වුනේ පන්දම් දල්වා රාත්‍රි කාලයේදීයි
Image caption අඳුරේ පීඩාවට පත්වීම සංකේතවත් කරමින් මේ විරෝධතාව පැවැත්වුනේ පන්දම් දල්වා රාත්‍රි කාලයේදීයි

විදුලි ගාස්තු මිල ඉහල දැමීම වහා අහෝසි කරන ලෙසට ආණ්ඩුවට බලකෙරෙන විරෝධතා ව්‍යාපාරයක් මහරගමදී පැවැත්වුයේ ජනතා විමුක්ති පෙරමුණේ මෙහෙයවීමෙන්.

මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ලෙස ඉල්ලා සිටියේ, විදුලි ගාස්තු මිල සූත්‍රය නොපිළිගන්නා ලෙසයි.

"ජනතාවගේ ආදායම වැඩි කරනවා වෙනුවට මේ ආණ්ඩුව කරන්නේ ජනතාව දුක් මහන්සියෙන් හම්බ කරන දේ මංකොල්ලකන එකයි".

නව විදුලි ගාස්තු ගෙවා ගැනීමට නොහැකිව ජනතාව ඉදිරියේදී අඳුරේ පීඩාවට පත්වීම සංකේතවත් කරමින් මේ විරෝධතාව පැවැත්වුනේ පන්දම් දල්වා රාත්‍රි කාලයේදීයි.

රටේම ඉන්න කාන්තාවන් අඳුරට දාල

මෙහිදී උද්ඝෝෂකයන් ඇමතූ සමාජවාදී කාන්තා සංවිධානයේ ජාතික සංවිධායිකා සමන්මලී ගුණසිංහ කියා සිටියේ විදුලිය ගාස්තු වැඩිවීමෙන් වඩාත් පීඩාවට පත්වන්නේ ගෘහණිය බවයි.

"ගෙදර ඉන්න අම්ම, ගෘහණියට සිද්ධ වෙනවා මේ වැඩිවුණු විදුලි බිල එක්ක ලොකු සටනක් කරන්න. මේ ආණ්ඩුව මුළු රටේම ඉන්න කාන්තාවන් අඳුරට දාල තියෙනවා".