උතුරේ දැරියන්ට කෙරෙන 'ලිංගික අතවර වැඩිවෙලා'

Child abuse
Image caption සිදුව තිබෙන්නේ අපචාර ඉහල යාමක් නොව වාර්තාකරණයේ ඉහල යාමක් බව බලධාරීහු පවසති

ගතව ගිය 2012 වසරේදී පමණක් උතුරේ බාල වයස්කාර දැරියන් 256 දෙනකු ලිංගික අතවරවලට ගොදුරු වී ඇති බව කාන්තා හිමිකම් සංවිධාන ක්‍රියාධරයෝ ප්‍රකාශ කරති.

යුද්ධය හමාර වී ගතව ගිය කාලය තුල බාල වියේ දැරියන්ට එල්ලවන ලිංගික අතවර වැඩි වී ඇති බවයි, වවුනියාවේ පැවති වැඩමුළුවක් අමතමින් ඔවුන් පෙන්වා දුන්නේ.

මේ වසරේ ඉකුත් මාස හතර ඇතුලත දැරියන් 68 දෙනකු අතවරයට ලක්වීම සලකා බලන විට බාල වියේ දැරියන් ලිංගික අපයෝජනයට ලක්වීම උත්සන්න වෙමින් තිබෙන හැඩක් පෙනී යන බව ඔවුහු පවසති.

කෙසේ නමුත් ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනි අනෝමා දිසානායක බීබීසී සංදේශයට කියා සිටියේ සැබවින්ම සිදුව තිබෙන්නේ අපචාර ඉහල යාමක් නොව යුද්ධය නිමාවීමත් සමඟම ළමා අපයෝජන සම්බන්ධ වාර්තාකරණයේ ඉහල යාමක් බවයි.