ගිනි තබාගෙන මියයාම ගැන අපරාධ පරීක්ෂණයක් ඉල්ලයි

  • 2013 මැයි 26
Monk self-immolation
Image caption "සිතුවමක් වගේ, චිත්‍රපටයක් මේක එක දිගට පටිගත කරලා තිබිච්ච බවට තොරතුරු තිබෙනවා"

බෝවත්තේ ඉන්දරතන හිමියන් සිරුරට ගිනි අවුළුවා ගැනීම ජනමාධ්‍ය වල පූර්ව දැනුවත් කමකින් සිදුවූ බවට විපක්ෂය චෝදනා කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්, ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ ජාතික භික්ෂු පෙරමුණේ සභාපති දඹර අමිල හිමියන් කියා සිටියේ ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉහල නංවා ගැනීම පමණක් ඇතැම් ජනමාධ්‍ය වල අරමුණ වී තිබූ බවයි.

"සිතුවමක් වගේ, චිත්‍රපටයක් මේක එක දිගට පටිගත කරලා තිබිච්ච බවට අපිට තොරතුරු තිබෙනවා," බව එහිමියෝ පැවසූහ.

මරණීය දණ්ඩනය

භික්ෂූන් වහන්සේ සියදිවි හානි කරගැනීමට තැත් කිරීම වාර්තා කරුණු ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා පොලිස්පති වරයාගෙන් ඉල්ලීමක් කළේය.

"සියදිවි නසා ගැනීමට අනුබල දීම, ඒ අනුබල දීමේ හේතුව මත ඒ තැනැත්තාගේ මරණය සිදු වුනොත්, ඒ අනුබල දුන් තැනැත්තා මරණීය දණ්ඩනයෙන් දඬුවම් ලැබිය හැකි වරදක් කරන්නේ," බවයි, මන්ත්‍රීවරයා පවසන්නේ.

ඇතැම් ජන මාධ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන් සිරුරට ගිනි තබා ගැනීම වාර්තා කළ ආකාරය හෙලාදකින බව කියා සිටි ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් චරිත හේරත් පවසා තිබුනේ තම සීමාව දැන කටයුතු කළ යුතු මාධ්‍යවේදීන් මෙවැනි අපරාධ සිදුවීම වලක්වන්නට පියවර ගත යුතු බව.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර