උතුරේ ඉඩම් පෙත්සම් විමසීම නැවතත් කල් යයි

Image caption උතුරේ ඉඩම් අත්පත් කර ගැනීම අභියෝගයට ලක්වූ අවස්ථාවක්

රජයේ හමුදාව ඉඩම් පවරා ගැනීම අභියෝගයට ලක් කරමින් උතුරේ දහසකට අධික ජනතාවක් පවරා ඇති පෙත්සම් සලකා බැලීම අධිකරණය විසින් දෙවැනි වතාවටත් කල් දමන ලදී.

පුද්ගලයන් එක්දහස් හාරසිය හැත්තෑ හතර දෙනකු ගොනු කර තිබූ පෙත්සම් විමසීම අභියාචනාධිකරණය විසින් කල් දමන ලද්දේ විනිසුරු තුන්කට්ටුවෙන් දෙපළක්ම නොමැති කමින්.

විනිසුරු අනිල් ගුණරත්න පෙත්සම් විභාගයට ගැනීමට අකමැති බව කී අතර ඔහු එය සඳුදා නිවාඩු ගොස් සිටි ශ්‍රී ස්කන්ධරාජා විනිසුරුවරයා වෙත නැවතත් යොමු කළ බව කේ එස් උදයකුමාර් බීබීසී සංදේශයට වාර්තා කළේය.

පලාලි හා කන්කසන්තුරේ අධි ආරක්ෂක කලාප පුළුල් කොට යාපනය ආරක්ෂක බලකා මුලස්ථානයක් පිහිටුවීමට වලිකාමම් උතුරේ අක්කර හයදහසකට වැඩි භූමි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමේ සැලසුම් වලට එරෙහිවයි පෙත්සම් ගොනු කොට තිබුනේ.