කම්කරු අරගලයේදී මිය ගිය රොෂේන් චානක සැමරුමේදී විරෝධතා

සේවක අර්ථ සාධක අරමුදලට කෙරෙන අනර්ථකාමී බලපෑම් වලක්වා ගැනීම සඳහා ඇතිවූ කම්කරු විරෝධතාවේදී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය රොෂේන් චානකගේ දෙවර්ෂ පූර්ණ සංවත්සරයේදී කියවුනේ මෙතෙක් ඔහු වෙනුවෙන් සාධාරණය ඉටු වී නැති බවයි.

දෙවර්ෂ පූර්ණ සංවත්සරය පැවැත්වුනේ කටුනායක පොලීසිය ඉදිරිපිටදීයි.

කටුනායක පොලීසිය ඉදිරිපිට සුදු හා කළු කොඩි දමා තිබුණු අතර රොෂේන් චානකගේ පිළිරුව අබියස තුර්ය වාදක කණ්ඩායමක් විසින් අවමංගල්‍ය උත්සවයකදී වාදනය කරනු ලබන ගීතිකා හා ශෝක ගීත වාදනය කරනු ලැබීය.

රොෂේන් චානකගේ සොහොයුරු මධුශාන් රත්නසේකර ප්‍රකාශ කළේ තම සහෝදරයාගේ මරණ සහතිකයවත් මෙතෙක් ලැබී නොමැති බවයි

ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් අරලිය ගහ මන්දිරයට ගිය අවස්ථාව්දී මහානාම තිලකරත්න කමිටු වාර්තාව ඉදිරිපත් කොට සාධාරණය ඉටුකරණ බවට ජනාධිපතිවරයා පොරොන්දුවුවත් එය ඉටු වී නැති බවයි ඔහු පැවසුවේ.