ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

එක්සත් රාජධානියට අධ්‍යාපනය සඳහා පැමිණෙන විදේශීය ශිෂ්‍යන් ගේ අඩුවීමක්

එක්සත් රාජධානියට අධ්‍යාපනය සඳහා පැමිණෙන විදේශීය සිසුන් ගේ ප්‍රමානය විශාල වශයෙන් පහත වැටී ඇති බව වාර්තාවේ.

සියයට හතලිස් හයක පහත වැටීමක් වාර්තා වෙන අතර මෙම අඩුවීම් විශ්ව විද්‍යාල වලට අහිතකර ලෙස බලපාන බවයි වාර්තා කරුවන් කියා සිටින්නේ.

ශ්‍රී ලාංකික සිසුන් අට දහසක් පමණ එක්සත් රාජධානියේ අධ්‍යාපනය සඳහා පැමිණෙන අතර දැන් එක්සත් රාජධානියට අධ්‍යාපනය සඳ හා පැමිණෙන ශ්‍රී ලාංකික ශිෂ්‍යයින්ගේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි ෂෙෆීල්ඩ් හැලම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ටෙරන්ස් පෙරේරා කියා සිටියේ.

බ්‍රිතාන්‍යයේ පශ්චාත් අධ්‍යාපනය ලැබූ නීතීවේදී ක්‍රිෂ්මාල් වර්ණසුරිය සංවාදයට එක්වෙමින් කියා සිටියේ දේශ සීමා ආරක්ෂා කර ගැනීම වැදගත් වන නමුත් සැබෑ ලෙසම විශ්ව දැනුම සොයා එන විදේශීය සිසුන්ට ආගමන සහ විගමන බලධාරීන් වෙතින් සීමා පැන වෙන්නේ නම් එය සාධාරණ නොවන බවයි.

සවන් දෙන්න සංවාදයට