පළාත් සභා ඒකාබද්ධයට වැට

  • 13 ජුනි 2013

පළාත් සභාවලට ඒකාබද්ධ වීමට ඇති ඉඩ කඩ සැලසෙන බලතල විශේෂ පනතක් මගින් ඉවත් කිරීමට රජය තීරණය කල බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කරයි.

මේ අතර වාරයේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කෙරෙන වෙනස්කම් පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකදී සාකච්ජා කිරීමටත් ඉන් පසු තීරණයක් ගැනීමටත් අමාත්‍ය මණ්ඩලය එකඟ වූ බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තවදුරත් අද (13) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට කෙරෙන වෙනස්කම් පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යොමු කිරීම පිළිබඳව තමන් තුල වැඩි ප්‍රසාදයක් නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගිවනවාද නැද්ද යන්න පිලිබඳව පක්ෂයේ කෘත්‍යාධිකාර මණ්ඩලය සමහ සාකච්ජා කොට තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තිස්ස අත්තනායක ප්‍රකාශ කළේය.