ගව ඝාතනය නැවැත්වීමේ නීති 'මාස දෙකකින්'

Monks marching against Cattle slaughter
Image caption ගව ඝාතනයට එරෙහිව දකුණෙන් ඇරැඹු පා ගමන අරලියගහ මන්දිරය අසලින් අවසන් විය

ශ්‍රී ලංකාවේ ගව ඝාතනය නැවැත්වීම සඳහා මාස දෙකක් ඇතුලත නීති සම්පාදනය කරන බව ජනාධිපතිවරයා දැනුම් දුන්නේ යයි සිංහල රාවය සංවිධානය පවසයි.

ගව ඝාතනයට එරෙහිව එම සංවිධානය දකුණෙන් ඇරැඹු පා ගමන අරලියගහ මන්දිරය අසලින් අවසන් වූයේ අත්සන් දස ලක්ෂයක් සහිත පෙත්සමක් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත භාරදීමෙන්.

එහිදී ජනාධිපතිවරයා තමන්ට එම පොරොන්දුව දුන් බවයි, සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති අක්මීමන දයාරත්න හිමියෝ බීබීසී සංදේශයට පැවසූහ.

දකුණේ සිට පා ගමනින් පැමිණෙන අතරවාරයේ තංගල්ල ප්‍රදේශයේ රජයේ අවසර ලත් ගව මස් අලෙවි හලකට ප්‍රහාරයක් එල්ල කළ බවට කෙරෙන චෝදනාව ප්‍රතික්ෂේප කළ එහිමියෝ එම සිදුවීම හෙලා දකින බවද සංදේශයට කියා සිටියේය.