අගවිනිසුරු ශිරාණිට එරෙහිව 'ම්ලේච්ඡ දඩයමක්'

  • 19 ජූලි 2013
දෝෂාභියෝගයට එරෙහිව නීතිවේදීන් උද්ඝෝෂණයේ
Image caption දෝෂාභියෝගයට එරෙහිව නීතිවේදීහු උද්ඝෝෂණයේ

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීමේ උත්සාහයක් ඇතැයි නීතිවේදීහු පවසති.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නොවැම්බරයේ පැවැත්වීමට නියමිතව තිබෙන බැවින් ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමය සාධාරණීකරණය කිරීම එහි අරමුණ බවයි, නීතිවේදීන්ගේ එකමුතුව පවසන්නේ.

ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ද්වේශ සහගත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීම ආණ්ඩුවේ උත්සාහය පිලිබඳ කදිම ඉඟියක් බව ද නීතිවේදීන්ගේ එකමුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

"නීතිවේදීන්ගේ එකමුතුව මේ උත්සාහය දකින්නේ ම්ලේච්ඡ දඩයම් කිරීමක් ලෙසින්," යනුවෙන් ද එම නිවේදනයේ දැක්වේ.

එම උත්සාහය ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට කෙරෙන බලපෑම තවත් උත්සන්න කිරීමක් ලෙසින් විග්‍රහ කරන නීතිවේදීහු, එය වහාම අත්හිටුවන මෙන් ආණ්ඩුවට බල කරති.

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමය නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය තීන්දු කළ අතර, එම තීන්දුවලට එරෙහිව පෙත්සම් ඉදිරිපත් වී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර