ආණ්ඩුවේ ලැයිස්තුවේ 'හිටපු එල්ටීටීඊ සාමාජිකයන් නෑ'

Daya Master
Image caption නාම යෝජනා අත්සන් තැබූවන් අතර දයා මාස්ටර් ගේ නම නොමැති බව ඇමතිවරයා පවසයි

උතුරු පළාත් සභා මැතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් අතර එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයන් නොමැති බව පාලක සන්ධානය පවසයි.

පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ බීබීසී දෙමළ සේවයේ ජයප්‍රගාෂ් නල්ලුසාමි සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

"මම දන්න තරමින් කිසිම එල්ටීටීඊ සාමාජිකයෙක් දැනට අත්සන් කරලා නෑ," ඔහු පැවසීය.

එල්ටීටීඊයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් නමින් ප්‍රකට වේලායුදම් දයානිධි ට නාම යෝජනා ලැබී නැති බව අමාත්‍යවරයා බීබීසී යට තහවුරු කළේය.

ජාත්‍යන්තර නිරීක්ෂකයෝ

ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින් දයා මාස්ටර් බීබීසී දෙමළ සේවයට කියා සිටියේ, සිය නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමක් පිළිබඳව තමන්ට තවමත් දැනුම් දීමක් කෙරී නැති බවයි.

මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ආණ්ඩුව යුද හමුදාව යොදා ගැනීමට ඉඩ තිබෙන බවට මැතිවරණ නිරීක්ෂක කණ්ඩායම් කරන අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරන අමාත්‍යවරයා කියා සිටියේ, මැතිවරණය සඳහා ආණ්ඩුවට හමුදාවේ සහෝයෝගය අනවශ්‍ය බවයි.

ඉදිරි සතිය පමණ ඇතුලත අන්තර ජාතික නිරීක්ෂකයන්ද දිවයිනට ලඟා වීමට නියමිත බැවින්, එම චෝදනාවල සත්‍ය අසත්‍ය භාවය ඉතා ඉක්මනින්ම දැන ගැනීමට හැකි වනු ඇතැයිද ඔහු බලාපොරොත්තු පළ කළේය.

උතුර වයඹ සහ මධ්‍යම පළාත් සඳහා නාම යෝජනා භාර ගැනීම ලබන බදාදා නිමාවට පත්වේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර