ආණ්ඩුව සමඟ තරඟ කරන්නන් ගැන පරීක්ෂණ සාධාරණයි -මුකො සභාපති

SLMC supporters in a meeting in Vavuniya (file photo)
Image caption පක්ෂයේ පිරිසක් ආණ්ඩුව සමඟ තරඟ කරන්නේ තමාගේ මෙහෙයවීම මත බවට පළවන චෝදනාව අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කරයි

පක්ෂයේ ප්‍රතිපත්තියට එරෙහිව යමින් උතුරු පළාත් සභා මැතිවරණයට ආණ්ඩු පක්ෂය සමඟ එක් වී තරඟ වදින සිය පක්ෂයේ සාමාජිකයන් සම්බන්ධයෙන් විනය පියවර ගැනීම සාධාරණ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ සභාපතිවරයා පවසයි.

ආණ්ඩුව සමඟ සිටින පක්ෂයක් වශයෙන් මුස්ලිම් කොන්ග්‍රසය පළාත් සභා චන්දයේදී ආණ්ඩුව සමඟ එක් වී තරඟ කළ යුතු බව තම ස්ථාවරය වූ නමුත්, පක්ෂය එයට වෙනස් තීන්දුවක් ගත් බැවින් පක්ෂයේ තීන්දුවට තමා එකඟ වන බවයි, අමාත්‍ය බෂීර් සේගු දාවුඩ් බීබීසී සංදේශයට කියා සිටියේ.

ආණ්ඩුව සමඟ තරඟ නොකරන්නේ නම්, මුස්ලිම් කොන්ග්‍රසය විරුද්ධ පක්ෂයට ගොස් ඒ තීන්දුව ගත යුතු බව පක්ෂය අභ්‍යන්තරයේ පැවති සාකච්ඡාවේදී සිය ස්ථාවරය වූ බව ද ඔහු පැවසීය.

පක්ෂයේ පිරිසක් ආණ්ඩුව සමඟ තරඟ කිරීමට තීරණය කළේ තමාගේ මෙහෙයවීම මත බවට පළවන චෝදනාව අමාත්‍ය සේගු දාවුඩ් ප්‍රතික්ෂේප කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර