හින්දු බැතිමතුන්ට පොලිස් අතවර

Image caption මුන්නේස්වරම් කෝවිල

හලාවත මුන්නේස්වරම් කෝවිලේ වාර්ෂික පූජෝත්සවයේ කටයුතු වලට පොලිසිය බාධා කළ බව පවසමින්, එම ක්‍රියාදාමයට එරෙහි විරෝධතාවක් අද දහවල කෝවිල ඉදිරියේ පැවැත්විණ.

පසුගිය වසර කිහිපයේ දී සිදු වූ අතවර වලින් පසු මෙවර උත්සවයට සිදු කෙරෙන බාධා වළක්වන ලෙස ලැබුණු අධිකරණ නියෝගයට එරෙහිව පොලිසිය ක්‍රියා කරන බවයි ප්‍රධාන පූජක කාලිමුත්තු සිවපාතසුන්දරම් සංදේශයට ප්‍රකාශ කළේ.

අධිකරණ නියෝගය

‘අධිකරණ නියෝගයෙන් කියවුනේ බාධා කිරීම් වළක්වන ලෙස. නමුත් දැන් වසර දෙකක් තිස්සේ පොලිසිය කරන්නේ අපට අවහිර කිරීමයි.’

බිලි පූජාව සඳහා සතුන් ගෙන ඒමට පොලිසියෙන් බාධා කල බව බැතිමතුන් ප්‍රකාශ කොට ඇත.

මේ පිළිබඳ පොලිසියේ ප්‍රතිචාරය ලබා ගැනීමට සංදේශය ගත් උත්සාහය අසාර්ථක විය.