සමුළු වර්ජනය ගැන සරත් ෆොන්සේකා ගෙන් කැනඩාවට ප්‍රශංසා

 Sarath Fonseka

පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව වර්ජනය කිරීමට ගත් තීරණය පිළිබඳව තමන් කැනඩාවට සිය ස්තුතිය පිරිනමන බව හිටපු හමුදාපති හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා ප්‍රකාශ කරයි.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නව ආසන සංවිධායකයින්ට පත්වීම් ලබා දීමේ උත්සයේදී බී බී සී සංදේශය සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් සරත් ෆොන්සේකා කියා සිටියේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සම්මුතීන් සහ ප්‍රතිපත්ති ක්‍රියාවට නැගෙන්නේ නැති හෙයින් ශ්‍රී ලංකාව තුල මෙම සමුළුව පැවැත්වීමට තමන් විරෝධය පල කරන බවයි.

'කැනඩාවට වරදක් කියන්න බෑ, අපි ඒ ගැන ලැජ්ජා වෙන්න ඕනේ,කැනඩාව වර්ජනයට පෙන්වල තියෙන හේතු සමග අපි සම්පුර්ණයෙන් එකඟ වෙනවා, කැනඩාවේ ආණ්ඩුවට කොන්ද පණ තිබුණා, මේ රටේ පාලකයා සහ මේ රජය ගෙනි යන දූෂිත ක්‍රියාමාර්ග විවේචනය කරන්න ශක්තිය තිබීම ගැන මම මගේ ප්‍රණාමය පුද කරනවා "යැයි සරත් ෆොන්සේකා ප්‍රකාශ කළේය.

පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමෙන් රටේ ජනතාවට කිසිම සෙතක් නොලැබෙන බවත් එය යහපත් චේතනාවෙන් නොව හුදෙක් ම පුද්ගලික අරමුණු සඳහා කෙරෙන්නක් වන බවයි සරත් ෆොන්සේකා වැඩි දුරටත් කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර