කුරාම් ෂෙක් ඝාතන සැකකරුවන් හය දෙනෙකුට නඩු

  • 2013 ඔක්තෝබර් 17

දෙවසරකට ආසන්න කාලයකට පෙර තංගල්ලේ දී සිදු වූ බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙක් ඝාතනය සම්බන්ධව සැකකරුවන් හය දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට තීරණය කළ බව නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් සංදේශයට ප්‍රකාශ කර සිටියේය.

ස්ත්‍රී දූෂණ

මේ අනුව, තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ ඇතුළු හය දෙනෙකුට එරෙහිව සාපරාධී මිනී මැරීම, ස්ත්‍රී දූෂණය, නීති විරෝධී ලෙස අවි පරිහරණය, නීති විරෝධී ලෙස රංචු ගැසීම සහ සමූහ ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වී ඇත.

2011 නත්තල් දිනයේ කුරාම් ෂේක් ඝාතනය සහ ඔහුගේ සහකාරිය, වික්ටෝරියා අලෙක්සන්ද්‍රව්නා දූෂණය කිරීම සිදු වූයේ තංගල්ලට නුදුරු මැඩිල්ලේ හෝටලයක දී.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර