යුද්ධයේ අවසාන දින කිහිපයේදී 'තුන් දහසක් අතුරුදහන්'

අතුරුදහන්වූවන් විස්තර ලියාපදිංචි කිරීම වවුනියාවේදී
Image caption ලියාපදිංචි කරන තොරතුරු අතුරුදහන් වූවන් සොයා බැලීමේ ජනපති කොමිසමට

එල්ටීටීඊ යට එරෙහි යුද්ධයේ අවසාන දින කිහිපයේදී පමණක් සාමාන්‍ය වැසියන් තුන් දහසකට ආසන්න පිරිසක් අතුරුදහන් වී ඇති බව ඔවුන්ගේ ඥාතීහු පවසති.

මන්නාරමේ ප්‍රජා එකමුතු සංවිධානය විසින් උතුරේ වැසියන්ගේ අතුරුදහන් වීමේ ලියාපදිංචි කිරීමේදී එම සංඛ්‍යාලේඛන හෙලිදරවු වූ බවයි, සංවිධානයේ සභාපති ඇන්ටන් සහායම් බීබීසී සංදේශයට කියා සිටියේ.

අතුරුදහන්වූවන් විස්තර ලියාපදිංචි කිරීම වවුනියාවේදී සිදුවූ අවස්ථාවේ එයට විශාල පිරිසක් සහභාගි වී සිටි බව මාධ්‍යවේදී දිනසේන රතුගමගේ වාර්තා කරයි.

මෙසේ ලියාපදිංචි කරන තොරතුරු ඉන් අනතුරුව අතුරුදහන් වූවන් සොයා බැලීම පිණිස පත් කොට තිබෙන ජනාධිපති කොමිසමට භාර දෙන බවද මන්නාරමේ ප්‍රජා එකමුතු සංවිධානයේ සභාපතිවරයා සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර