රහස් ඡන්දයක් තිබ්බොත් කැසිනෝ පරාදයි -එජාප

කැසිනෝ සඳහා බදු සහන ලබා දීමට ආණ්ඩුව ගෙන එන පනත පිළිබඳ පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක් පවත්වන්නේ නම් පරාජය කළ හැකි බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් මයිකල් පෙරේරා එසේ කියා සිටියේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ මෙම කැසිනෝ ශාලා වසා දමන බව ද ජෝශප් මයිකල් පෙරේරා මන්ත්‍රීවරයා කියා සිටියේ ය.

නමුත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ රජය කිසිදු අයුරකින් සූදු මධ්‍යස්ථාන ඇති කිරීම සඳහා නව බලපත්‍ර නිකුත් නො කරන අතර අගනුවර අවිධිමත් ව පවත්වා ගෙන යන සූදු මධ්‍යස්ථාන, හඳුනා ගත් එක් කලාපයකට ඒකරාශී කරන බවයි.

කෙසේ නමුත් ආණ්ඩුවේ පාර්ශව කරුවකු වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මෙම පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කල බව එහි මහලේකම් හසන් අලි මන්ත්‍රී වරයා පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර