ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ටිකිරි ලියාට හද බැඳි මන්නා ඩේ

සත් දශකයකට ආසන්න කාලයක් හින්දි ගායන ක්ෂේත්‍රය අරා සිටි මන්නා ඩේ පිළිබඳ ව කෙරෙන විමසුමක්.

ඔහු ගැයූ හාර දහසක් පමණ ගී අතර බෙන්ගාලි, අසාම්, මරාති, කන්නඩ, පන්ජාබි හා භෝජ්පුරි බසින් ද ගැයූ ගී වෙයි.

අසුව දශකයේ ශ්‍රී ලංකාවට පැමිණි මන්නා ඩේ එවකට ගුවන් විදුලි සංස්ථාවේ සංගීත හා පර්යේෂණ අංශ අධ්‍යක්ෂ ධුර හෙබවූ ආචාර්ය දයාරත්න රණතුංග ගේ ‘ජයසිරි මහා බෝධි’ ගීතය ප්‍රසිද්ධ වේදිකාවේ ගායනා කරමින් සිංහල රසික පිරිස් අතර මහත් ජන ප්‍රසාදයට පත්වී.