ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රී ලංකාව සමෘද්ධිමත් ද?

  • 2013 නොවැම්බර් 5

ලෝක සමෘද්ධි දර්ශකයේ රටවල් එක සිය හතළිස් දෙකක් අතුරින් ශ්‍රී ලංකාවට හැටවෙනි ස්ථානය හිමි වී ඇත.

ලන්ඩනයේ පිහිටි ලේගටම් ආයතනය විසින් වාර්ෂිකව සම්පාදනය කෙරෙන ලෝක සමෘද්ධි දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ඉන්දියාව,නේපාලය සහ බංග්ලාදේශයට ඉදිරියෙන් සිටී.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රමෝපාය පිළිබඳ සංවාදයකට එක්වූ ලංකා බිස්නස් ඔන්ලයින් අන්තර්ජාල වෙබ් අඩවියේ සංස්කාරක අසන්ත සිරිමාන්න කියා සිටියේ ශ්‍රී ලාංකිකයින් වැඩි දෙනා සංවර්ධන දර්ශක කෙරෙහි සැක මුසුව බලන බවයි.

සමාජ ක්‍රියාධාර සරත් ප්‍රනාන්දු ගේ මතය වන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රමෝපාය පිළබඳව ජනතා විශ්වාසයක් නැති බවයි.

පේරාදෙණිය සරසවියේ සමාජ විද්‍යාව පිළිබඳව කථිකාචාර්ය නන්දන විජේසිංහ ගේ තර්කය වන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධන විභවය ප්‍රයෝජනයට ගත හැකි පරිසරයක් උදා වෙමින් ඇත යන්නයි