Sri Lanka torture victims
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මේ වසරේත් දෙමළ රැඳවියන් 'දූෂණය කරලා' (වීඩියෝ)

2013 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව වසා පැතිර ඇත්තේ සත්කාරක දේශය වන ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට එල්ලවී තිබෙන යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝන චෝදනා.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ නිරන්තරයෙන් ළමා සොල්දාදුවන් හා මරාගෙන මැරෙන බෝම්බ කරුවන් යොදා ගත් ත්‍රස්තවාදීන් පරාජය කළ බව පවසමින්.

කෙසේ වෙතත් ඉතා මෑත සිදුවූ බරපතල අපරාධ පිලිබඳ සාක්ෂි බීබීසීය විසින් හෙළි කොට ගෙන තිබේ.

ලංකාවෙන් බේරී පළා ආ කොටි සංවිධානය සමග සබඳතා සහිත දෙමළ කාන්තාවන් හා පුරුෂයන් කිහිප දෙනකු අපේ හිටපු කොළඹ වාර්තාකාරිය ෆ්රාන්සස් හැරිසන් හා කියා ඇත්තේ මේ අවුරුද්ද තරම් ළඟකදී තමන් වද බන්ධනයටත් ලිංගික දූෂණයටත් පාත්‍රවූ බවයි.

එම ගවේෂණයෙදී හමුවූ පීඩිතයන්ගේ නම් ගම වෙනස් කොට ඇත්තේ ආරක්ෂාව සඳහා.

ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ ඥාතීන් හට පීඩා කැරෙනු ඇතැයි ඔවුන් තුල ඇත්තේ බියක්.