මහින්ද රාජපක්ෂ
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඝාතන යුගය අවසන් -මහින්ද රාජපක්ෂ

දශක තුනක් පුරා ළමුන් සහ ගැබිනි කාන්තාවන් පවා මරණයට පත් කරමින් දෙමළ කොටි කැරලිකරුවන් විසින් නිරන්තර බෝම්බ පිපිරවීම් සහ ඝාතනයන් සිදු කරන ලද බවත් මේ වන විට එය නවත්වා ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.

පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සුදානම් වෙමින් සිටිය දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ දෙමළ කොටි කැරලිකරුවන්ට එරෙහි යුද්ධයේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තා පිළිබඳ ව එල්ල වී ඇති විවේචන වලට ප්‍රතිචාර දක්වමින්.

මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවට වරද කරුවන් වන ඕනෑම අයෙකුට එරෙහිව පියවර ගැනීමට තම රජය සුදානම් බවද ජනාධිපති රාජපක්ෂ කියා සිටියේය.

ඉන්දියාවේ, කැනඩාවේ සහ මුරිසියේ රාජ්‍ය නායකයන් පොදු රද සමුළුව වර්ජනය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තා සැලකිල්ලට ගනිමින්.

සිදු කර ඇති බව පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා සිටින බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ප්‍රකාශ කළේය.