දශක තුනක යුද්ධයේ හානිය සොයා බැලීමේ සංගණනයක්

  • 2013 නොවැම්බර් 27
යුද්ධයේදී තුවාල ලැබූවෝ
Image caption දශක තුනක යුද්ධයේදී උතුරේත් දකුණේත් විශාල පිරිසක් මිය ගොස්, තවත් බොහෝ දෙනා තුවාල ලැබූහ

දශක තුනක යුද ගැටුම්වලින් සිදු වූ මානව විනාශය සහ හානියට පත් දේපොළ පිළිබඳව නිසි තක්සේරුවක් කිරීම පිණිස දීප ව්‍යාප්ත සංගණනයක් පවත්වන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මාස හයක කාලයක් ඇතුලත අවසන් කිරීමට අපේක්ෂා කෙරෙන සංගණනය නොවැම්බර් 28 වෙනි බ්‍රහස්පතින්දා ආරම්භ කෙරෙන බවද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

යුද්ධයේ හානිය තක්සේරු කිරීම පිණිස සංගණනයක් පැවැත්වීම ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කරන ලද උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ ප්‍රධාන නිර්දේශයක්.

ස්වදේශ කටයුතු සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමඟ එකාබද්ධව පවත්වන මෙම සංගණනයේදී 1983 සිට 2009 දක්වා කාලය ඇතුලත මිය ගිය පිරිස, අතුරුදහන් වූ සංඛ්‍යාව, තුවාල ලැබූ සහ/හෝ ආබාධිත වූ පිරිස සහ දේපොළ හානිය සොයා බැලීමට නියමිතයි.

නිලධාරීන් 16,000 ක් යොදා ගෙන ග්‍රාම සේවා වසම් 14,022 ක සංගණනය පවත්වන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩීසීඒ ගුණවර්ධන ප්‍රකාශ කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර