ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

භාරත ඝාතන පරීක්ෂණ ගැන පවුලේ සැක

  • 2014 ජනවාරි 6

ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් සිදු කැරෙන පරීක්ෂණ පිළිබඳව ඔහුගේ ඥාතීහු සැක පළ කරති.

කැනඩාවේ සිට අධිකරණයට පැමිණ සිටි භාරත ලක්ෂ්මන් සොයුරිය ස්වර්ණා ගුණරත්න නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබු සඳුදා පැවසුවේ සාධාරණයක් ඉටුවේ යයි තමනට 'සිතෙන්නේ නැති' බවයි.

2011 ඔක්තෝබරයේ දී කැරුණු භාරත ඝාතනය සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු වන ආරක්ෂක අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සති තුනක කාලයක් විදේශ ගතවීමට අධිකරණය අවසර දුන් බවයි ඔහුගේ නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය ප්‍රකාශ කළේ.

වාර්තාව ගෙන එන කේ එස් උදය කුමාර් පවසන්නේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මසකින් කල් තැබුණු බවයි.