ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සිරකරු ඉල්ලීම් නාමල් අත ජනපතිට

සිව් මහල් ගොඩනැගිල්ලක වහලය මත නැගී පැවැත්වූ විරෝධතාවක් අවසන් කිරීමට මරණීය දණ්ඩනයට නියමව සිටින බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් එකඟ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.

සඳුදා පෙරවරුවේ සිරගෙදර වෙත ගිය මන්ත්‍රී වරයා විරෝධතා කරුවන්ගේ නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි මාධ්‍ය වේදීන් අමතා ඒ බව කියා සිටියේ.

වහලය මත නැගී සිටි තිස් දෙනකුට වැඩි සිරකරු ඉල්ලීම වූයේ මරණීය දණ්ඩනය නියම වී පහළොස් වසරක්ද ඉක්මවා සිරභාරයේ කල් ගෙවන්නට වී ඇති තමනට පොදු සමාවක් ලබා දෙන ලෙසයි.

මෙම ඉල්ලීම් ජනාධිපති වරයාගේ මෙන්ම අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යවරුන් දෙපල ගේ ද අවධානයට මීට පෙරත් යොමුව තිබූ බවයි ජනාධිපති පුත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.