ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දුම් වැටියට එරෙහි පා ගමනක්

දුම් වැටියට එරෙහි පා ගමනක් කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලින් ආරම්භ වූ අතර එය කොල්ලුපිටිය දෙසට ගමන් කොට විහාර මහා දේවී උද්‍යානයට පැමිණ අවසන් විය.

දරු පරපුර දුම් පානයෙන් බේරා ගැනීම ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නම් කරන ලද දුම් වැටි විරෝධී දිනය වෙනුවෙන් මෙම පා ගමන සංවිධානය කර තිබුණි.

ශ්‍රී ලංකාවේ මේ වන විට මත් ද්‍රව්‍ය භාවිතා කරන්නන් පනස් දහසකට අධික පිරිසක් සිටින බවත් එයට මුල පුරන්නේ දුම් වැටියෙන් බවත් කුප්පියාවත්තේ බෝධානන්ද හිමියෝ පැවසූහ.

දුම් පානය නිසා දිනකට හැට දෙනෙකු පමණ ශ්‍රී ලංකාවේ මරණයට පත් වන බව පැවසූ අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන, 2014 වර්ෂය මතින් තොර සමාජයක් ගොඩනැඟීමේ වර්ෂය ලෙස නම් කර ඇති බව කියා සිටියේය.