එස්ටීඑෆ් පිහිටුවීමට ‘බ්‍රිතාන්‍ය සමාගමක් උදවු කළා’

17 ජනවාරි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 16:02 GMT

අසූව දශකයේ මුල් භාගයේ පොලිස් විශේෂ කාර්ය බලකාය පිහිටුවීමේ දී ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය සමාගමක සහයෝගය ලබාගත් ආකාරය කාලාන්තරයක් තිස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබුණු කරුණක් බව ප්‍රංශ පුවත් සේවාවේ කොළඹ කාර්යාංශ ප්‍රධානී අමල් ජයසිංහ බීබීසී සංදේශයට කියා සිටියේය.

ශ්‍රී ලංකාව හමුදා පුහුණුව සඳහා බ්‍රිතාන්‍යයේ සමාගමක සහයෝගය ලබාගත් අකාරය පිළිබඳව බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත පළ කළ වාර්තාවක් පිළිබඳව කරුණු දැක්වූ අමල් ජයසිංහ කියා සිටියේ, ශ්‍රී ලංකාවේ මතුවෙමින් තිබුණු යුදමය තත්වය මැඩලීම සඳහා ජේආර් ජයවර්ධන පාලනයට බටහිරින් ඍජුව සහයෝගය ලබා ගත නොහැකිවූ තැන මාග්‍රට් තැචර් ආණ්ඩුවේ අවසරය ඇතිව කීනී මීනි සර්විසර්ස් නම් සමාගමේ සේවාව ලබා ගැනීමට සිදුවූ බවයි.

විශ්‍රාමික එස්ඒඑස් හමුදා බලකායට අයත් බ්‍රිතාන්‍ය නිලධාරීන් ගේ සහාය ඇතිව පිහිටුවන ලද විශේෂ කාර්ය බලකායට හමුදා පුහුණුව මෙන්ම පොලිස් බලතල ලබා දීම හේතුවෙන් වැඩි බලතල සහිතව යුදමය තත්වය මැඩලීමට කටයුතු කිරීමට ඉඩ ලැබුණු බවයි, අමල් ජයසිංහ වැඩිදුරටත් කියා සිටියේ.