සංහිඳියා පියවර පළ දැරීමට 'කාලය අවශ්‍යයි'

  • 2014 ජනවාරි 28
Image copyright .presidentsoffice.gov.lk
Image caption ජනාධිපති ලේකම්වරයා මේ දිනවල දීර්ඝ විදේශ සංචාරයක නිරතව සිටියි

යුද අපරාධ චෝදනා විභාග කිරීමට දැරෙන ජාත්‍යන්තර උත්සාහයට විරෝධය පාන රජය ශ්‍රී ලංකාවේ සංහිඳියාව සඳහා ගෙන ඇති පියවර පළ දැරීම සඳහා තවත් වසර තුනක් වත් කල් අවශ්‍ය බව ප්‍රකාශ කරයි.

සංහිඳියා පිළිවෙත ඇරඹි සේ තමන් සලකන 2012 සිට පස් වසරක කාලයක් ඒ සඳහා අවශ්‍ය බවයි, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග වොෂින්ටනයේදී සඳුදා කියා තිබුනේ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාල ප්‍රකාශිකාවක් බීබීසී සංදේශයට කියා සිටියේ නැවත වාරයක් ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් මාර්තුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවට ගෙන ඒමට එක්සත් ජනපදය කටයුතු කරමින් සිටින බවයි.

වගකීම් භාරගැනීම, සංහිඳියාව, ඉඩම් පහර ගැනීම, ආගමික මෙහෙයවීමෙන් සිදු කැරෙන ප්‍රහාර සහ මාධ්‍යවේදීන්ට පහර දීම් පිළිබඳ නඩු නොවිසඳීම ඇතුළු ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ප්‍රගතියක් අත් කොට ගෙන නැති බවයි ප්‍රකාශිකාව වැඩි දුරටත් සඳහන් කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර