නොරොච්චෝලේ බලාගාරය පුර්ණ නිරීක්ෂණයට චීන සමාගමෙන් පොරොන්දුවක්

විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි Image copyright energy ministry sri lanka
Image caption විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි චීන සමාගමේ නිලධාරින් සමග

නොරොච්චෝලේ ගල් අඟරු විදුලි බලාගාරය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සියලු විධිවිධාන යොදන බවට චීනයේ CMEC (China Machinery Engineering Corporation) සමාගම තමන්ට සහතික වූයේ යයි පවසයි.

මෙරට ඉංජිනේරුවන්ගේ හා චීන ඉංජිනේරුවන්ගේ ඒකාබද්ධ ක්‍රියාවලියක් ලෙස,ප්‍රථමයෙන් බලාගාරය පූර්ණ නිරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ක්ෂේත්‍රයේ විශේෂඥයින් මෙරටට ගෙන්වීමට පියවර ගන්නා බවත් CMEC සමාගමේ සභාපති ෂෑන් චුන් පොරොන්දු වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරයි.

විපක්ෂය

නොරොච්චෝලේ බලාගාරය මේ වන විට විසි වතාවක් පමණ බිඳ වැටී ඇති අතර එහි ගිවිසුම් සම්බන්ධයෙන් මතු වී තිබෙන ගැටළු තවමත් නිරාකරණය කොට නැති බවත් එක්සත් ජාතික පක්ෂයේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා බී බී සි සංදේශයට කියා සිටියේය.

නොරොච්චෝලේ ගල් අඟරු විදුලි බලාගාරය බිඳ වැටීමට බල පෑ හේතු මෙරට ඉංජිනේරුවන්ට හෝ චීන ඉංජිනේරුවන්ට තවමත් හරි හැටි අනාවරණය කර ගත නොහැකි වී ඇති අතර තමන් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කළ ප්‍රශ්න කිරීම් වලට තවමත් හරියාකාර පිළිතුරු ලැබී නැතැයිද හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

චීන සමාගම ශ්‍රී ලංකාවේ බලධාරීන් නොමග යවා ඇත්නම් ඒ සම්න්ධයෙන් පූර්ණ වගකීම ඔවුන් විසින් භාර ගත යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර