ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කන්දකුලියමුනේ අකුරු වරම අහිමි ළමුන්

කන්දකුලියමුනේ සිංහල විද්‍යාලය ප්‍රාථමික විද්‍යාලයක තත්වයට ගෙන ඒමට විරෝධය පළ කරමින් සිසුන්ගේ දෙමව්පියන් සහ ගම්වැසියන් පැය තුනක පමණ කාලයක් ප්‍රධාන මහා මාර්ගය සම්පුර්ණයෙන් ම අවහිර කරමින් විරෝධය පළ කළහ.

විරෝධතාවාදීන් ඉල්ලා සිටියේ, කන්දකුලියමුනේ ප්‍රාථමික විද්‍යාලයේ පන්ති පළමු සහ පස්වැනි වසරට පමණක් සීමා නොකරන ලෙසයි.

එම පාසලට මැති ඇමතිවරුන්ගෙන් ශත පහක්වත් ලැබී නැතැයි පවසන දෙමව්පියන් කියා සිටින්නේ, එය දුප්පතුන්ගෙන් රුපියල බැගින් එකතු කරමින් තැනූ පාසලක් වන බවයි.

දුප්පතුන්ගේ රුපියලින්

ළමුන් හාරසියයක් සඳහා මේ වන විට ඇත්තේ ගුරුවරුන් හත් දෙනකු පමණක් බවටද චෝදනා එල්ල විය.

එම ගුරුවරුන්ගෙන් ද තුන් දෙනෙක් මේ වන විට ස්ථාන මාරු ඉල්ලා ඇති බවයි ප්‍රකාශ කෙරුණේ.

ඉකුත් වසරවල පාසල හැර ගිය ඇතැම් සිසුන්ට මේ වන විට මහමග උරුම වී ඇති බවයි මහජනතාව පවසන්නේ.

ප්‍රවාහන පහසුකම් අවම වීම, අලි ගම්වැදීම , දුර්වල යටිතල පහසුකම් හේතුවෙන් පුත්තලම් දිස්ත්‍රික්කයේ ආනමඩුව කල්පිටිය වැනි ප්‍රදේශ වල රජයේ නව අධ්‍යාපන වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීම අතින් ගැටළු මතුව ඇති බවයි, පුත්තලම් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රියංකර ජයරත්න පවසන්නේ.