ළහිරුට අසාධ්‍ය රෝගයක් තිබුනේ නෑ - දෙමාපියෝ

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගන්නෝරුව යුද හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පැවැති නායකත්ව පුහුණුවකට සහභාගි වෙමින් සිටි අතරවාරයේ රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගිය තම පුතාට කිසිදු අසාධ්‍ය රෝගයක් තිබුණු බවක් තමන් දැන නොසිටියේ යයි ළහිරු සඳරුවන් සිසුවාගේ දෙමාපියෝ පවසති.

විශේෂයෙන්ම නායකත්ව පුහුණු කඳවුරේදී රෝගාතුර වූ සිය පුතා රෝහලට ඇතුලත් කළ බව පවා දැන ගැනීමට ලැබුනේ දින දෙකකට පසුව බව ලහිරු සඳරුවන්ගේ පියා ආර්එම් ජයරත්න බීබීසී සංදේශයට කියා සිටියේ.

විල්පත්තු මායිමේ පිහිටි කුඩාවැව ග්‍රාමයේ දරුවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා ලෙසින් උපත ලැබූ ළහිරු ඇතුළු පවුල නඩත්තු කිරීමට ළහිරු ගේ පියා රැකියාවට අමතරව ගොවිතැනේද යෙදුණේය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කුඩා කල සිටම පියාට උදව් කළ ළහිරුට වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ කිසිදු අපහසුවක් නොතිබුණු බව දෙමාපියෝ පවසති.

'ඉහෙන් බහින රෝගයක් නොතිබුන' සිය පුතාගේ මරණය තමන්ට ප්‍රහේලිකාවක් බවයි, ආර්එම් ජයරත්න පියා පවසන්නේ.

සිවිල් සමාජය හමුදාකරණය කිරීමට තම සංගමය මුල සිටම විරුද්ධ වූ බව පවසන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් ශිෂ්‍යාගේ මරණයට වගකිව යුතු බවට ආණ්ඩුවට චෝදනා කරයි.

දෙමාපියන් නොදැන සිටි නමුත් ශිෂ්‍යයාට බරපතල පෙනහළු රෝගයක් තිබුණු බව විශේෂඥ වෛද්‍ය මතය බවයි, විශ්‍රාමලත් යුද හමුදා භටයකු වන අසල්වැසියෙක් මේ අතර සංදේශයට කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර