ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පොලීසියෙන් බැට කෑ පුතු වෙනුවෙන් මව අවසන් ගමනේ

Image caption වසන්තා පද්මිණි මාතාව

මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් තිදෙනෙකු සිය පුතුනට පහර දෙන අයුරු බලා සිටීමට නොහැකිව මිය ගිය මිනුවන්ගොඩ බොරගොඩවත්ත ග්‍රාමයේ පදින්චි කේ ඇස් වසන්තා පද්මිණි මාතාවගේ අවසන් කටයුතු අද, සෙනසුරාදා මිනුවන්ගොඩ පොදු සුසන භූමියේදී සිදු කෙරිණ.

පොලිසියේ දැඩි රැකවල් මැද ගම්වාසීන් දහස් ගණනක් ඊට සහභාගී වූහ.

ශෝකය ප්‍රකාශ කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් එවන ලද මල් වඩමක් දේහය අසල තැන්පත් කර තිබිණි.

මියගිය වසන්තා පද්මිණි මාතාවගේ වැඩිමහල් පුත් රනිල් ප්‍රසාද් කියා සිටියේ නිවසේ දොර කඩාගෙන පැමිණි පොලිස් නිළදාධාරීන් තම සහෝදරයාට අතින් පයින් හා පොල්ලකින් පහර දෙන අයුරු බලා සිටිය නොහැකිව සිය මව මිය ගිය බවයි.

තම මවගේ මරණයට පොලිසිය සම්පුර්ණයෙන්ම වගකිවයුතු බවයි වසන්තා පද්මිණි මාතාවගේ බාල පුත්ත්‍රයා වන රමල් ප්‍රදීප් ප්‍රකාශ කලේ.

ප්‍රදේශවාසීහු මේ සිද්ධියට සිය විරෝධය පල කර සිටිති.