ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මුතුරාජවෙල අභය භුමිය ගිල ගැනීමේ සැලසුමක්

  • 2014 පෙබරවාරි 25

ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න

ශ්‍රී ලංකාවේ අගනුවර ආසන්නයේ පිහිටි තෙත් බිමක් වන මුතුරාජවෙල අභය භූමියෙන් කොටසක් සංවර්ධන කටයුත්තක් සඳහා නිදහස් කර ගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් පිඹුරු පත් සකස් කෙරේ.

මේ සඳහා වන අවසරය ඉල්ලමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්‍ෂක ශිවාන් ද සිල්වා විසින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉල්ලීමක් කර ඇත.

මේ වන විට මැනුම් කටයුතු සිදු කර ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්ෂණ පර්යේෂණ කවයේ සභාපති සුපුන් ළහිරු ප්‍රකාශ් කියා සිටියේ ආයෝජන මණ්ඩලය මුතුරාජවෙල අභය භූමියෙන් හා පරිවාරක කලාපයෙන් අක්කර හාරසිය පනහක බිම් කොටස් මේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඉල්ලා ඇති බවයි.

කොළඹ- කටුනායක අධි වේගී විදුලි දුම්රිය හා ඊට සමගාමිව ඉදී කිරීමට යෝජිත නගර දෙක සඳහා මේ බිම් කොටස් ලබා ගැනීමට ඉඩ ඇති බව මේ වන විට වාර්තා වී ඇති බවයි සුපුන් ළහිරු ප්‍රකාශ් කියා සිටියේ.