මන්නාරම මිනිස් ඇටසැකිලි විද්‍යාගාර පරීක්ෂණයට

අසූ හතරක් පමණ මිනිස් ඇටසැකිලි හමු වූ මන්නාරම සමූහ මිනීවලේ අස්ථි කොටස් පිළිබඳ වැඩි දුර පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා එහි කැණීම් තාවකාලිකව නතර කිරීමට බලධාරීන් තීරණය කර ඇත.

එම කැණීම් තාවකාලිකව නතර කළ බවයි,පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී අජිත් රෝහණ බීබීසියට ප්‍රකාශ කළේ.

එහෙත් සමූහ මිනීවල පිහිටි කලාපයට දිගටම පොලිස් ආරක්ෂාව සපයන බවත් හමු වී ඇති අස්ථි කොටස් සම්බන්ධයෙන් අඛණ්ඩ පරීක්ෂණයක් පැවැත්වෙන බවත් ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් බීබීසියේ වවනියාව වාර්තාකරු දිනසේන රතු ගමගේට ප්‍රකාශයක් කළ අධිකරණ වෛද්‍ය නිලධාරි ධනංජය වෛද්‍යරත්න කියා සිටියේ, දැන් පවතින කාර්යභාරය වන්නේ සමූහ මිනී වලට රැකවරණ සලසන අතරවාරයේ හමු වී ඇති අස්ථි කොටස් වලට අදාළ විමර්ශන සිදු කිරීම බවයි.

පිහිටි පොළොව හමු වී

“ ඇටසැකිලි අයත් පුද්ගලයන්ගේ වයස, ඔවුන් මරණයට පත් කාල වකවානු සහ මරණයට හේතුව ආදිය විද්‍යාගාර පරීක්ෂණ මගින් නිගමනය කිරීම මීළඟ පියවර”යයි අධිකරණ වෛද්‍ය නිලධාරි ධනංජය වෛද්‍යරත්න පවසයි.

එසේම කැනීම් සිදු කළ සමූහ මිනීවලේ පතුලෙහි ස්වාභාවික පිහිටි පොළොවට තමන් ලඟා වී සිටින හෙයින් එම ස්ථානයේ තව දුරටත් කැණීම් නොකෙරෙන බවත් අධිකරණ වෛද්‍ය නිලධාරියා සඳහන් කරයි.

පසුගිය වසරේ දෙසැම්බර් විසි වෙනිදා ඉහත කී සමූහ මිනීවලෙන් පළමුවරට මිනිස් ඇටසැකිලි හමු වූයේ ‍මහා මාර්ගයේ ජල නල එළීම සඳහා සිදු කළ කැණීමක දී

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර