'ගුවන් යානයේ ගමන් පථය වෙනස් කරලා'

Image copyright AFP
Image caption නෞකා 40 ක් සහ ගුවන් යානා 34 ක් සොයා ගැනීමේ මෙහෙයුම්වලට

මැලේසියානු ගුවන් යානය අතුරුදහන් වීමට පෙර නියමිත ගමන් ගමන් පථයෙන් ඉවත් වී බටහිර දිසාවට ගමන් කර ඇති බව මැලේසියානු ගුවන් හමුදාව සනාථ කළේය.

ක්වාලාලම්පුර් සිට බීජිං නුවර බලා යාමට ගුවන් ගත කළ මෙම යානය පැයක් ඇතුළත අතුරුදහන් වූයේ පසුගිය සෙනසුරාදා යි.

සොරාගත් ගුවන් ගමන් බලපත්‍රයක් සහිතව ගමන් කළ එක් පුද්ගලයකු වන 18 හැවිරිදි ඉරාන ජාතික පූරියා නූර් මොහමඩ් මෙහ්දාඩ් නීති විරෝධී ලෙසින් ජර්මනියට සංක්‍රමණය වීමට උත්සාහ දරා ඇති බවයි, පොලිසිය පවසන්නේ.

සොරාගත් ගුවන් ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් එම ගුවන් යානයේ ගමන් කළ දෙවැනි මගියා 29 හැවිරිදි දෙලාවර් සේයෙඩ් මොහමඩ්රෙසා ලෙසින් ඉන්ටර්පෝල් අන්තර්ජාතික පොලිසිය විසින් හඳුනාගනු ලැබ තිබේ.

මොවුන් ත්‍රස්‌තවාදී කණ්ඩායමක සාමාජිකයන් විය නොහැකි බව මැලේසියාවේ පොලිසිය පවසයි.

ගුවන් යානය අතුරුදහන් වීමට හේතුව ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට ඇතිවූ සැකය ක්‍රමයෙන් පහව යමින් පවතින බවයි, බෙයිජිං නුවර සිටින බීබීසී වාර්තාකරුවෙක් කියා සිටියේ.

Image copyright D
Image caption සොරාගත් ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් ගමන් කළ මගීන් දෙදෙනා

රටවල් නමයකට අයත් නෞකා 40 ක් සහ ගුවන් යානා 34 ක් මේ වන විට වියට්නාමය සහ මැලේසියාව අවට මුහුදේ සොයා ගැනීමේ මෙහෙයුම්වලට එක් වී සිටිති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර