විස්සයි විස්ස; ශ්‍රී ලංකාවට තවත් ජයක්

Image copyright BBC World Service

2014 විස්සයි විස්ස ලෝක ශූරතා ක්‍රිකට් තරඟාවලියේ දාහතර වැනි තරඟය ජයග්‍රහණයෙන් නිම කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

අද චිතගොං නගරයේ පැවැත්වුන එම තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සටන් වැදුණේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සමඟයි.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම තෝරා ගනිමින් නියමිත ඕවර් විස්සේදී කඩුලු හතක් දැවී ළකුණු 165 ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පිලේ වැඩිම ළකුණු ලාභියා වූ කුසල් පෙරේරා හයේ පහර තුනක් සහ හතරේ පහර හයක් ද සමඟ මුළු ළකුණු 61 ක් එක්රැස් කරමින්, ශක්තිමත් පදනමකින් තරඟය පෙරට ගෙන යාමට සමත් විය.

ඇන්ජලෝ මැතිව්ස් ලබාගත් ළකුණු සංඛ්‍යාව 43යි.

අනතුරුව පිටියට බට දකුණු අප්‍රිකානු කණ්ඩායම ආරම්භයේදී යම් බලාපොරොත්තු සහගත මට්ටමක සිටියත්, ශ්‍රී ලංකා පන්දු යැවීම සහ පන්දු රැකීම හමුවේ අසීරු අඩියකට පත් වූ බවකුයි පෙනී ගියේ.

නියමිත ඕවර් විස්ස අවසානයේ ඔවුන් ලබා සිටියේ ළකුණු 160 ක් පමණි .

මේ අනුව තරඟාවලියේ දාහතර වැනි තරඟය ළකුණු පහකින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

අදට නියමිත දෙවන තරඟය පැවැත්වෙන්නේ එංගලන්තය සහ නවසීලන්තය අතරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර