ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මුහුද ඛාදනයෙන් බැට කන වයඹ ධීවරයෝ

  • 2014 මාර්තු 23

බටහිර මුහුදු තිරයේ මුහුදු ඛාදනය උග්‍ර වීම හේතුවෙන් ධීවර ජනතාවට උන්හිටි තැන් සහ රැකියාව අහිමි වීමේ තත්වයක් ඇතිවී තිබෙන බව වයඹ ධීවර සමිති නායකයෝ පවසති.

ජාතික ධීවර සහයෝගිතාවයේ පුත්තලම් දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලොයෙල් පිරිස් කියා සිටියේ මේ තත්වයට දකුණේ සිදු කරන ඉඩම් ගොඩ කිරීම් සහ සංවර්ධන කටයුතු බලපා ඇති බවයි.

Image copyright Photo Prasad Poornimal Jayamanne
Image caption තාවකාලික කූඩාරමක ජිවත් වන්නට සිදු වී ඇති බව

දොළොස් වසරක් තිස්සේ සිදු වන මුහුදු ඛාදනය නවතාලීමට ගනු ලැබූ සියලු පියවර අසාර්ථක වී ඇති බව ද ඔහු තව දුරටත් කියා සිටියේය.

රජයේ කාර්යභාරය

රජය පසුගිය කාලය තුළ මුහුදු ඛාදනය නැවැත්වීම සඳහා ගල් දැමීම සහ වැලි පොම්ප කිරීම සිදු කළ බව රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය දයාශ්‍රිත තිසේරා ප්‍රකාශ කළේය.

එහෙත් මුහුදු ඛාදනය ශීඝ්‍ර ලෙස සිදු වන බව පිළිගත් අමාත්‍යවරයා මේ සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව ද කියා සිටියේය.

අපි තාමත් කූඩාරමේ

මුහුදු ඛාදනය නිසා නිවස අහිමි වීමෙන් අනතුරුව වසරක පමණ කාලයක් තිස්සේ තාවකාලික කූඩාරමක ජිවත් වන්නට සිදු වී ඇති බවයි වසන්ති විනිප්‍රිඩා කියා සිටියේ.

ධීවරයන්ගේ චෝදනා ප්‍රතික්ෂේප කළ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ප්‍රේමරත්න කියා සිටියේ සංවර්ධන කාර්යයන් හිදී පරිසරයට බලපෑම් සිදු වන බවයි.

පරිසරයට සිදු වන බලපෑම් අවම කර ගනිමින් සංවර්ධන කටයුතු සිදු කළ යුතු බවද හෙතෙම පැවසීය.