ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ආණ්ඩුවට ජනතා සහාය 'අඩු වෙලා'

ආණ්ඩුවට ඇති ජනතා සහාය බිඳ වැටී ඇති බව බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ දී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සහ ආණ්ඩු පක්ෂයේ ඡන්ද සංඛ්‍යාව අඩුවීමෙන් පෙන්නුම් කෙරෙන බව විශ්ලේෂකයෝ පවසති.

බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනෙන්ම ආණ්ඩු පක්ෂය ලබා ගත් ඡන්ද සහ ආසන සංඛ්‍යාව 2009 මැතිවරණයේදීට වඩා පහත වැටී තිබේ.

Image copyright kusal perera
Image caption ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණට 'සහයෝගය වැඩි වෙලා'

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සම්මත වූ යෝජනාවට විරෝධය පළ කිරීමක් ලෙසින් තමන්ට සහාය පළ කරන මෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කෙසේ නමුත් ආණ්ඩුව කෙරෙහි කලකිරීමකට පත්වී සිටින ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටි බව මෙවර මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙන්නුම් කරන බවයි, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන කුසල් පෙරේරා සංදේශයට කියා සිටියේ.

ආණ්ඩුව දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හම්බන්තොට දිස්ත්‍රිකයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සහ ආණ්ඩුවට ලැබී ඇති ඡන්ද ප්‍රමාණයත් මෙවර අඩු වී තිබීම තුලින් පෙන්නුම් කෙරෙන්නේ ආණ්ඩුව කෙරෙහි ජනතා සහාය බිඳ වැටී ඇති බව යයි කුසල් පෙරේරා පවසයි.

මේ අතර, පසුගිය උතුරු පළාත් සභා ඡන්දයේ දෙමළ ජනතාව දෙමළ ජාතික සන්ධානයට ඡන්දය ප්‍රකාශ කළ ආකාරයටම කොළඹ දිස්ත්‍රිකයේ දෙමළ ජනතාව මනෝ ගනේෂන්ගේ නායකතත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණට දෙමළ ජනතාව ඡන්ද ලබා දී බවත් ඔහු සඳහන් කරයි.