ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විස්සයි විස්ස: ඉන්දියාවට ඔට්ටු ඇල්ලූ අයෙක් මරුට

විස්සයි විස්ස ලෝක කුසලාන අවසාන මහා තරගයේ දී ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය දැක බොහෝ දෙනා සතුටු කදුළු වගුරද්දී ඉන්දියාවේ පරාජය දරා ගත නොහැකිව පුද්ගලයෙකු මිය ගිය සිද්ධියක් ගම්පහින් වාර්තා වෙයි.

Image copyright AFP

මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ගම්පහ මහ රෝහලේදී පැවති අතර හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මේ මරණය සිදුව ඇති බවයි ටෝනි කරුණානායක ප්‍රාදේශීය මාධ්‍යවේදියා සංදේශයට ප්‍රකාශ කළේ.

පිච්චෙ කුමාර් නමැති එක් දරු පියෙකු මෙලෙස මරණයට පත් වූ අතර සාක්ෂි ලබා දෙමින් ඥාතීන් ප්‍රකාශ කර ඇත්තේ ඔහු විස්සයි විස්ස ලෝක කුසලාන අවසාන මහා තරගයෙන් ඉන්දියාව ජයග්‍රහණය කරන බවට ඔට්ටුවක් අල්ලා තිබූ බවයි.

ඔට්ටුව පරාද වීම හේතුවෙන් දුක දර ගත නොහැකිව මේ මරණය සිදු වන්නට ඇති බව ද මරන පරීක්ෂණයේදී ප්‍රකාශ වී ඇත.