ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'විදුහල්පති පැහැර ගැනීම ගැන නීතිය ක්‍රියාත්මක කරන්න'

පුත්තලම ආනන්ද ජාතික පාසලේ විදුහල්පතිවරයා පැහැර ගෙන යාම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමක් පෙනෙන්නට නැති බව එම විද්‍යාලය ඉදිරිපිට රැස් වූ උද්ඝෝෂකයෝ පවසති.

දෙමාපියන්, ගුරුවරුන් මෙන්ම පාසලේ සිසුන් ද එක්ව සිටි මෙම උද්ඝෝෂණය සංවිධානය කරනු ලැබ තිබූණේ ලංකා ගුරු සේවා සංගමය විසින්.

පුත්තලම ආනන්ද ජාතික පාසලේ විදුහල්පති සුමනසිරි අමරසිංහ, පුත්තලම පහේ කණුව ප්‍රදේශයේ දී පැහැර ගැනීමට ලක් වූයේ මාර්තු තුන් වැනිදා රාත්‍රියේ.

සුමනසිරි අමරසිංහ විදුහල්පතිවරයා සංදේශයට කියා සිටියේ තමන් පැහැර ගෙන යාමට පෙර නිවසට ද ප්‍රහාරයක් එල්ල වූ බවයි .

මෙම පැහැර ගෙන යාමට රජයේ සම්බන්ධයක් ඇති බව ලංකා ගුරු සේවා සංගමයේ පුත්තලම දිස්ත්‍රික් ලේකම් ඒ එච් එම් පියසේන කියා සිටියේය.

මේ පිළිබඳව කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටියේ පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර ඇති බවයි .

පැහැර ගෙන යාම සිදු කළ වාහනය පිළිබඳව තොරතුරක් සොයා ගැනීම සඳහා පෞද්ගලික ඔත්තු කරුවන් ද යොදා ඇති බව ඔහු තවදුරටත් කියා සිටියේය.