'බොදු බල සේනා ප්‍රකාශ අසත්‍යයි'

  • 2014 අප්‍රේල් 17

විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ හෙක්ටයාර 22000ක් හෙළිපෙහෙලි කර නිවාස හා පල්ලි තැනූ බවට බොදු බල සේනා සංවිධානය කරන ප්‍රකාශ අසත්‍ය බව අමාත්‍ය රිෂාර්ඩ් බදුර්දීන් පවසයි.

වන ජීවී දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු හා මුසල්ලි ප්‍රාදේශීය ලේකම්වරයා සහභාගී වූ මාධ්‍ය සාකච්ඡාවකදී යි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.

නමුත් වනෝද්‍යානය තුළ කුඩාරම් ගසා ගෙන අනවසරයෙන් පවුල් හැත්තෑ තුනක් ජිවත් වන බව අමාත්‍යවරයා පිළිගත්තේය.

‘ඒ පවුල් 73ට අයත් ඉඩම් නාවික හමුදා කදවුර තුළ තියෙනවා, මාසෙකට පෙර ඒ ජනතාව ඇවිල්ල මෙතන පොඩි පොඩි කුඩාරම් හදාගෙන ඉන්නවා, ඒක වැරදියි, ඒක ඒ ජනතාවට කියල තියෙනවා, අභයභූමියක් තුළ කාටවත් පදිංචි වෙන්න අයිතියක් නැහැ, ඒ කරණය හොයා බලා ප්‍රාදේශීය ලේකම් තුමා දිසාපතිතුමා ඒ මිනිසුන්ට තැනක් දීල පදිංචි කරවන්න ඕනේ’ අමාත්‍ය රිෂාර්ඩ් බදුර්දීන් පැවසීය.

බොදු බල සේනා සංවිධානය සමග විවාදයකට යාමට තමන්ට අවශ්‍යතාවක් නොමැති බව පැවසූ අමාත්‍යවරයා ඔවුන් කළ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේ දී ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර