චීන වරාය ප්‍රදේශයේ ඉඩම් ගුවන් හමුදාවට

Image caption මායිම් ගල් වළලා කටු කම්බි ගසා වට කළ ඉඩම්

ත්‍රිකුණාමලය චීන වරාය ප්‍රදේශයේ ඉඩම් විශාල ප්‍රමාණයක් ගුවන් හමුදාව අත්පත් කර ගැනීම හේතුවෙන් එම ගම්වාසීහු දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිති.

Image caption වෙල්ලමනල් ප්‍රදේශයේ ජනතාව පරිහරණය කළ ඉඩම්

ත්‍රිකුණාමල නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ චීන වරාය වෙල්ලමනල් ප්‍රදේශයේ ජනතාව පරිහරණය කළ ඉඩම් අක්කර දහස් ගණනක් ගුවන් හමුදාව අත්පත් කර ගැනීම නිසා ගම්වාසීන්ට වාසස්ථාන සහ ජීවනෝපාය පමණක් නොව දෛනික කටයුතු පවත්වා ගෙන යාමේ නිදහස ද අහිමි වී ඇති බව උතුර හා නැගෙනහිර සිංහල සංවිධානය චෝදනා කරයි.

මායිම් ගල් වළලා කටු කම්බි ගසා වට කළ ඉඩම් තුළ ඒවා ගුවන් හමුදාවට අයත් බව කියැවෙන දැන්වීම් පුවරු සවි කර තිබේ.

Image caption ගම්වාසීන්ට වාසස්ථාන සහ ජීවනෝපාය අහිමි වී ඇති බව

මේ සම්බන්ධයෙන් සංදේශය කළ විමසීමකදී ත්‍රිකුණාමල නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් ශෂිකලා දේවී ජලදීපන්, කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව කියා සිටි අතර ත්‍රිකුණාමල දිසාපති මේජර් ජනරාල් ටී ටී ආර් ද සිල්වා පැවසුවේ අපගේ විමසුම අපැහැදිලි බවයි.

ගුවන් හමුදා ප්‍රකාශකගෙන් දුරකථනය ඔස්සේ තොරතුරු දැන ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර